Tuesday, May 31, 2022

දයාබර පතොක් ගස ,


වැසි නොමැති  ඉඩෝරෙක

සැඩ හිරුරැස් පහර ලද 

ඉරි තැලුණ මිදුල මැද

සුන්දරම මලක් පිබිදුවේ කොහොමද 



තියුණු කටු තිබුණත්

ඔබට ඇත්තේ මෘදුම ඇතුලක් 

අඟුරු වුණ බිමකත් 

පෙනේ මදහස නඟන අයුරක්



ජීවිතේ කතරක් 

මැදින් ඇති රළු බොරලු පාරක්

පූදන්න එහි මලින් පොකුරක් 

වෙන්න ආසයි පතොක් පඳුරක්



No comments:

Post a Comment