Sunday, July 29, 2018

මනු ගුණ අපෙ වනන්තරේ

නෙත රසදුනැති ඉදුනිල් සිදු රැළින් වට
දසතම පතළ පෙරදිග මුතු ඇටය පිට
මනු ගුණ කියන්නට ඇරයුම් ලද කලට 
කෙලෙසින් උවම් දෙන් දැයි අරුමයකි මට

සෙනෙහෙන් බරව හදවත දොර පලුව හැර
හද නැගි සිනා නෙතගින් නිති පහළ කර
බව දුක නසාලන්නට නිති දැරුව වෙර 
පෙර මෙහි සැබෑ මිනිසුන් විසුවෝය වර

මව්පිය සොයුරු නෑදෑ ගුරු මිතුරු තම
මහගුම සම්පතැයි සලකා රකිති හැම 
නොතිබිණි ඉඩක් මිළ මුදලට එදා මෙම 
රන් බිම දනෝ ඇදහූයේ මිනිස්කම

සතවෙත සොයුරු පෙම රදවා සිත මත්තේ
මිනිසුන් වෙසුණි නොකිළිටි දෑතක් ඇත්තේ
සාමය දහම රැජයූ හැටි ලක මත්තේ  
පොතකට පමණි දැන් සීමා වී ඇත්තේ 

දිවි රග මඩල මත වෙස් රූ පැළදගෙන 
පෙර වූ සරල දිවි මාවත අහුරගෙන 
දින දින මිනිස්කම වෙත සොහොනක් බදින 
නොමිනිස් කැළක් වෙති ලක්වැසි නම රැගෙන 

ඉසුරින් පිරි අතට දෑතම දිගු කරනා 
වැහැරුණු දෙයත් පා දුහුවිලි ලෙස සිතනා
මුවගින් සිනාසී හද දොරගුලු වසනා ඇවිදින මළකදන් අද ලක් බිම  වෙසෙනා 


නසමින් සතුන් දිවි ,සිද තුරුපතර වනේ 
කිමදැයි මව් රටට ඔබ මේ කරන විනේ 
නොඇසෙන විලස මහිලාවන් අසන පැනේ
අද ,ගොලු ,බිහිරි ලෙස හැසිරෙන අයුරු පෙනේ 

දැක දැක අකටයුතුකම් අද ලෙස ඉන්න 
මිනිසුනි මදක් ඔබ සිත මෙහි යොදවන්න
වියළුණ හද ට ඔබෙ උණු රුධිරය ගන්න 
නැතිනම් රටක් නැතිවෙයි අපහට ඉන්න