අතුල හිරු රැල්ල ක
නැඟුණු හසරැල්ල ක
රැඳුණු නෙත් බැල්ම ක
නැගෙන සිතුවිල්ල ක
නිහඬවම සිටියත් ඉකිගසන විට මා සිත
තද කරන් සිටියත් දොරඟුලු අරියි හදවත
ගෙනෙයි පෙර දවසක ලැබුණු පැතුමක් මා වෙත
නොහැක ගැලවෙන්න ට වෙලෙමි සිතුවිලි සුළඟ ක
කවුරුන්ද නොදැන ම බැඳුණු වග එක් හදකට
දනිමි මම හොඳටම එ හද මා නොහැඳිණි බව
කිසිත් කම් නැත එය කිමද ඒ වග හැඳිණුව
ගියත් යළි නාවද දුකක් නැත හද තුටු සිනා මිස
නොදුටුවත් ඒ රුව නෙත් නැමැති හීසර
හදවතේ පින්සල නඟා ඇත සිතුවමකට
දකිමි ඒ සිතුවම එබෙන විට හද ඇතුළට
පතමි ඒ රුව වෙත සිනා මිස කඳුළක් නොවන්නට
නෙළා ගත් පසු මල නැතේ ඒ හැඩ ලස්සන
ගසේ පිපිලා මල සුවඳ දෙනයුර බලමි නෙත් හැර.......
අපුරුයි
ReplyDeleteබොහොම ස්තූතියි 😊😊
Delete